Face Mask විලාසිතා රැල්ලක් දැන් ලෝකය පුරා

අපි හැමෝම හොඳින්ම දන්න විදිහට මේ දවස්වල කොරෝනා වසංගතය නිසා ලෝකය පුරාම ජනතාවට භේදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන්න සිද්ධවෙලා තියනවා. ඒ නිසාම බොහෝ වෙලාවට මුව ආවරණ (Face Mask) එක අපේ දෛනික ජීවිතයේ වැදගත් දෙයක් බවට පත්වෙලා ඉවරයි. මගතොට යද්දි, රාජකාරී ස්ථානයේදී වගේම කඩ සාප්පු වලදි පවා මුව ආවරණ පැලඳීම ඉතාම වැදගත්.

වෙනදා වගේ තාවකාලිකව මුව ආවරණයක් පලඳිනවා වෙනුවට දැන් අපිට දීර්ඝ කාලයක් මේ විදිහට මුව ආවරණ පලඳින්න වෙනවා කියන එක දැන් දැන් තේරුම්ගන්න පුළුවන්. මොකද තාමත් වසංගතය පාලනය වෙලා නැති නිසා කාලයක් යනකල් කොරෝනා රෝගය එක්කම අපිට ජීවිතය යථා තත්වයට පත්කරගන්න සිද්ධවේවි. ඒ නිසාම මුව ආවරණය අපේ දෛනික ඇඳුම් පැලඳුම්වල අනිවාර්ය අංගයක් බවට පත්වේවි.

කොච්චර සෞඛ්‍ය ආරක්ෂිත වුනත් කාන්තාවන්ට ගෑණු ළමයින්ට මුව ආවරණ පළඳිනවා කියන එක ටිකක් විතර අකමැති වැඩක්. මොකද තමන්ගේ රූප සම්පත්තිය ප්‍රදර්ශනය වීමට මේක බාධාවක් නිසා. එහෙම කියලා මාස්ක් එකක් නැතිව යන්නත් බැරි නිසා මෑතකදි ඉඳන් කාන්තාවෝ විතරක් නෙවෙයි පිරිමි උදවිය පවා තමන්ගේ ඇඳුමට ගැලපෙන වර්ණ වලින්, හැඩවලින් මුව ආවරණ සකස් කරගෙන පලඳින්නට පටන්ගත්තා.

ඒකත් එක්කම බිහිවුණ මුව ආවරණ විලාසිතා රැල්ල දැන් ලෝකය පුරාම වේගයෙන් පැතිරිලා යනවා. අන්න ඒ වගේම පැතිරිලා යන මුව ආවරණ රැල්ලෙන් ලස්සන විලාසිතා කිහිපයක් ඔබට දැකගන්න පුළුවන්. බලන්නකෝ උත්සහ කරලා ඔයාලටත් මේ වගේ විලාසිතා ටිකක් නිර්මාණය කරගෙන මුව ආවරණයටත් අමුතු ලස්සනක් එකතු කරන්න පුළුවන්ද කියලා.

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

fm16

 

Watch Now >> ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද? (වීඩියෝ)

 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com