Krypton සමාගම Wide Dolly ස්විච හා සොකට් පෙළක් හඳුන්වා දෙයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම විදුලි ස්විචයන් හා අමතර උපාංග වෙළඳනාමයක් වන ‘කි‍්‍රප්ටන්’ (Krypton) නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් පීඑල්සී සමාගම නිවාස හා ගොඩනැගිළිවල අලංකරණ වර්ධනය කරන නවතම තාක්ෂණයෙන් නිපදවන Krypton Wide Dolly Pioneer Range ස්විච හා සොකට් පෙළක් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, මයුර රූපතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පසුගියදා කොළඹ දී මෙරට වෙළෙඳපොලට හඳුන්වා දුණි. එම අවස්ථාවට කි‍්‍රප්ටන් වෙළෙඳ බලකාය හා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූහ.

දේශීය හා ජාත්‍යන්තර විදුලි උපාංග නිපදවීමේ ප‍්‍රමිතීන්ට අනුකූලව නිපදවූ මෙම Krypton Wide Dolly Pioneer Range ස්විච්ච හා සොකට් පෙළ ඉතා අලංකාරයෙන් සේම ලොව විදුලි ස්ව්ච සොකට් පෙළෙහි වර්තමානයට ගැලපෙන දියුණු විශේෂාංග රැසකින් සමන්විත වූවකි. මෙම ස්විච හා සොකට් පහසුවෙන් ඉදිරිපසින් ගැලවිය හැකිවීමෙන් එය භාවිතා කරන පාරිභෝගිකයාට පවා එය ගලවා පිරිසිදුකිරීමේ හැකියාව ඇත. එයට අමතරව බිත්තියට සවිකිරීම සඳහා ඉලිප්සාකාර සිදුරු තිබීමෙන් එය පහසුවෙන් හා අලංකාරව සවි කළ හැක. තවද මෙම නවතම Wide Dolly ස්විච හා සොකට් පෙළ Ultra-thin base ස්වරූපයෙන් නිපදවීමෙන් වයරින්කිරීම වඩාත් පහසු වේ. එමෙන්ම මෙහි වයර් අග‍්‍රවලට ළගාවීමේ වැඩි පහසුවක් තිබීමෙන් වයර් ගැලවීයෑමද සිදු නොවේ.

Krypton Wide Dolly Pioneer Range ස්විච් හා සොකට් පෙළ මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය ඇමතූ සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් පීඑල්සී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, මයුර රූපතුංග මහතා පැවසුවේ, ‘අප සමාගම ‘කි‍්‍රප්ටන්’ වෙළෙඳනාමය යටතේ ඉදිරිපත් කරන විදුලි නිෂ්පාදන පෙළ දස වසරක් පුරා මෙරට විදුලි ස්විච හා සොකට් භාවිතා කරන පාරිභෝගිකයන් හා විදුලි ක්ෂේත‍්‍රයෙහි විශ්වාසය දිනාගත් නිෂ්පාදන පෙළක්. අප සමාගම අලංකරණයෙන් අනූන හා ලොව නවතම තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම Krypton Wide Dolly Pioneer Range ස්විච්ච හා සොකට් පෙළ මෙරට පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරන්නේ ‘කි‍්‍රප්ටන්’ වෙළෙඳනාමය දිනූ විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයෑමක් ලෙසිනුයි. එමෙන්ම මෙම නවතම නිෂ්පාදන පෙළ සවිකිරීම හා නඩත්තු කිරීම බොහෝ පහසු වූවක්. දිවයින පුරා පිහිටි සෑම හාර්ඞ්වෙයාර් හා විදුලි උපකරණ අලෙවිසල්වලින් ලබාගත හැකි මෙම Wide Dolly ස්විච් හා සොකට් පෙළ ලොව නවතම ඉංජිනේරු තාක්ෂණය අනුව නිපදවීමත් විශේෂත්වයක්.’ යන්නය.

‘කි‍්‍රප්ටන්’, විදුලි ස්විච හා සොකට් මෙන්ම බ්‍රේකර්, ටි‍්‍රප් හා මේන් ස්විච, ෆ්ලෙක්සිබල් කන්ඩියුට්, කේබල් ට‍්‍රන්කින්ග් හා සන් බොක්ස් සඳහා ද කීර්තිමත් වෙළඳනාමයකි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජලනල හා උපාංග වෙළඳනාමයක් වන ‘නැෂනල් PVC ද සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාඩම්බර නිෂ්පාදනයකි. 

සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම, 1985 දී ඇරඹුණු ලැබුවේ මෙරට කොටස් වෙළඳපොලේ ශ්‍රේණිගත සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් සමාගමේ අනුබද්ධිත සමාගමකි. එමෙන්ම ශී‍්‍ර ලංකා ප‍්‍රමිති සහතික හා ISO:9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලද මෙරට පළමු PVC ජලනල හා උපාංග නිෂ්පාදන සමාගම වන්නේද සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් පීඑල්සී සමාගම වේ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News