Idea වෙතින් ‘වීරා’ සෙවිලි මෙරට වෙළෙඳපොලට

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රුසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනයවන ‘වීරා’ සෙවිලි නිෂ්පාදනය පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙනු ලැබීය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති Construct – 2018 ප‍්‍රදර්ශන භූමියේ පිහිටි එම සමාගමේ වෙළෙඳ කුටියේ පැවැති උත්සවයකදී එම හඳුන්වාදීම සිදු කෙරුණි.

100%ක්ම දේශීය නිෂ්පාදනයක්වන ‘වීරා’ සෙවිලි ශී‍්‍ර ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට සහමුලින්ම ගැලපෙන ලෙස නිපදවූවකි. ‘ඇත්තෙන්ම සුරක්ෂිතයි’ යන තේමාව යටතේ නිපදවන ‘වීරා’ සෙවිලිවල සහතික කළ සුරක්ෂිතතාවත් හා කල්පැවැත්මක් තිබෙන අතර එහි මතුපිට විශේෂ සංයෝගයක්වන ASA භාවිතයෙන් නිමවා ඇත. එම ASA සංයෝගය හිරු කිරණයට ඉහළ ප‍්‍රතිරෝධයක් දැක්වීමෙන් නිවස තුළ උණුසුම්වීම අවම කර කදිම සිසිළසක් ඇති කරනු ඇත.

ඇස්බැස්ටෝස් සෙවිලි හැඩයට සමාන රැළි සහිතව නිපදවන මෙම ‘වීරා’ සෙවිලි කිසිඳු ආකාරයක පිළිකාකාරක අමුද්‍රව්‍යයක් හෝ ඊයම් අඩංගු නොවන නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි. දිවයින පුරා පිහිටි හාර්ඞ්වෙයාර් අලෙවිසල්වලින් මිලදීගත හැකි ‘වීරා’ සෙවිලි රතු, තද දුඹුරු හා තද කොළ පැහැයෙන් හා අඩි 6, 8, 10 හා 12 යන දිග ප‍්‍රමාණවලින් සේම පාරිභෝගික අවශ්‍යතාව පරිදි  ඕනෑම දිග ප‍්‍රමාණයකින් මිලදීගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මිලිමීටර් 2.8ක ඝනකමකින් යුත් ‘වීරා’ සෙවිල්ලක පළල මිලිමීටර් 980කි. ලේයර් තුනකින් සමන්විත ‘වීරා’ සෙවිලි වර්ග අඩියක බර ග‍්‍රෑම් 400කි.

‘වීරා’ සෙවිලි, නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ISO 9001:2015  ප‍්‍රමිති සහතිකය යටතේ හා Original LG ASA අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙරට නිපදවන එකම ASA රැළි සෙවිලි නිෂ්පාදනය වේ. එමෙන්ම Original LG ASA අමුද්‍රව්‍ය අඩංගු බවට තත්ත්ව සහතිකයක් ලබාදෙන එකම සෙවිලි නිෂ්පාදනය වන්නේද ‘වීරා’ සෙවිලි පමණි.

‘වීරා’ සෙවිලි මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය අමතමින් Idea සමූහ ව්‍යාපාරයේ අලෙවි ප‍්‍රධානී, නුවන් බුද්ධික මහතා පැවසුවේ, ‘අප සමාගම මෙරට පාරිභෝගිකයන්ගේ වහලය සෙවිලිකිරීමේ විවිධ අවශ්‍යතා සොයා බලමින් එයට ගැලපෙන විවිධ නිෂ්පාදන සිදුකිරීමට කැමැත්තක් දක්වනවා. මෙම ‘වීරා’ සෙවිලි නිපදවූයේත් මෙරට පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක් වහලය සෙවිලිකිරීමේදී රැළි සහිත හැඩයට කැමැත්තක් දක්වන නිසායි. එමෙන්ම අපේ නිෂ්පාදන සියල්ලෙහිම වූ උසස් ප‍්‍රමිතිය මෙම නවතම ‘වීරා’ සෙවිලිවලද තිබෙනබව කිවයුතු වන්නා සේම එය මෙරට පිහිටි හාර්ඞ්වෙයාර් අලෙවිසල්වලින් මිලදීගත හැකිවීම විශේෂත්වයක්.’ යන්නය.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com